රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පළාත් සභා පළාත් පාලන අංශය 2020 නව වසර සඳහා රාජකාරි ආරම්භය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020.01.01 දින යුනියන් පෙදෙස කොළඹ 02 හි පිහිටි පළාත් සභා හා පළාත් පාලන පරිශ්‍රෙය්දී පැවැත්විණි‍.

IMG 8904JPG 001   IMG 8954
     
IMG 8741   IMG 8744
     
IMG 8940      IMG 8936
     
IMG 8991   IMG 8995JPG

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා වශයෙන් ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා 2019.11.25 දින පළාත් සභා හා පළාත් පාලන අංශයේ සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාව සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු පළාත් සභා හා පළාත් පාලන අංශයේ මාණ්ඩලික නිලධාරීන් සම්බන්ධ වී සිටියහ.

DSC 0404       DSC 0413
   

 

DSC 0446    

 

පළාත් පාලන ආයතන මඟින් එකතු කරනු ලබන දිරන කසළ ප්‍රතිචක්‍රීකරණය කර පරිසර හිතකාමී අයුරින් බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම අරමුණු කර ගනිමින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය විසින් දිවයිනේ පළාත් 09 ක් ආවරණය වන පරිදි ජපන් ස්වයංක්‍රීය ස්වායු තාක්ෂණය මඟින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍ර 09ක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත. මේ සඳහා ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය මඟින් ලබා දී ඇත. මෙම යන්ත්‍ර ජපානයේ කවෂිමා ආයතනයෙන් ආනයනය කරන ලද අතර යන්ත්‍රයක පිරිවැය රු.මි.120 කි. එම යන්ත්‍රය ස්ථාපිත කිරීමේ ගොඩනැගිල්ල මීටර් 100 X 14 ක ප්‍රමාණය වන අතර ඒ සඳහා රු.මි.100 ක් පමණ වැය වේ.

ඒ යටතේ උතුරු මැද පළාතේ ‍පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ කසළ කළමනාකරණ මධ්‍යස්ථානය වන සුංගාවිල ස්ථාපිත කරන ලද කාබනික පොහොර මධ්‍යස්ථානය විවෘත කිරීම 2019 ජූනි මස 01 වන දින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සුංගාවිල ස්ථාපිත කරන ලද මෙම කාබනික පොහොර මධ්‍යස්ථානය මඟින් දිනකට දිරන කසළ මෙ.ටොන් 50 ක් කළමනාකරණය කළ හැකි අතර ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සහ ආසන්න පළාත් පාලන ආයතන වන පොළොන්නරුව මහා නගර සභාව, පොළොන්නරුව ප්‍රාදේශීය සභාව, මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව, දිඹුලාගල ප්‍රාදේශීය සභාව හා වැලිකන්ද ප්‍රාදේශීය සභාව යන ආයතන වල දිරන කසළ සඳහා ද විසඳුමක් ලැබේ. එසේම මෙමගින් දිනකට කාබනික පොහොර ටොන් 25ක් පමණ ලබා ගැනීමේ හැකියාව පවතී.

Lankapura 1    Lankapura 2JPG
     
Lankapura 3JPG   rsz lankapura 4

 

මෙහි තවත් පියවරක් වශයෙන් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල මහා නගර සභාවේ කසළ කළමනාකරණ මධ්‍යස්ථානය වන දිගම්පතහ ස්ථාපිත කරන ලද කාබනික පොහොර මධ්‍යස්ථානය විවෘත කිරීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එදිනම සිදු විය.

දඹුල්ල දිගම්පතහ ස්ථාපිත කරන ලද මෙම කාබනික පොහොර මධ්‍යස්ථානය මඟින් දිනකට දිරන කසළ මෙ.ටොන් 50 ක් කළමනාකරණය කළ හැකි අතර දඹුල්ල මහා නගර සභාවේ සහ ආසන්න පළාත් පාලන ආයතන වන දඹුල්ල ප්‍රාදේශීය සභාව, ගලේවෙල ප්‍රාදේශීය සභාව, නාඋල ප්‍රාදේශීය සභාව හා කැකිරාව ප්‍රාදේශීය සභාව යන ආයතන වල දිරන කසළ සඳහා ද විසඳුමක් ලැබේ. එසේම මෙමගින් දිනකට කාබනික පොහොර ටොන් 25ක් පමණ ලබා ගැනීමේ හැකියාව පවතී.

dambulla 1   dambulla 2   dambulla 3
         
dambulla 4   dambulla 5   dambulla 6
         
dambulla 7        

 

 

 

 

 

එස් හෙට්ටිආරච්චි මහතා නව ලේකම් ධූරයේ වැඩ ඇරඹීම

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් එස් හෙට්ටිආරච්චි මහතා 2019.12.02 දින පළාත් සභා හා පළාත් පාලන අංශයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් පළාත් සභා හා පළාත් පාලන අංශයේ මාණ්ඩලික නිලධාරී මහත්ම මහත්මීන් හමුවිය.

DSC 0007JPG       DSC 0025JPG
     

 


 

 

 

පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය දේශීය හා විදේශීය ජනතාව වෙනුවෙන් ද පළාත් සභා හා පළාත් පාලන අංශයේ සියලුම නිලධාරීන්ගේ මියගිය ඥාති හිතමිත්‍රාදීන් වෙනුවෙන් ද මෙම කාර්යාල පරිශ්‍රයේ සේවය කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය පවිත්‍රතා සේවිකාව වෙනුවෙන් ද බෞද්ධාගමානුකුලව පින් පැමිණවීම උදෙසා ද ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තුවාල ලැබූ සියලුම රෝගීන්ට ඉක්මන් සුවය පතා ආශිර්වාද කිරීම වෙනුවෙන් ද මෙම අමාත්‍යාංශ පරිශ්‍රයේ සේවයේ නියුතු සියලුම නිලධාරින්ට , රටේ ආරක්ෂාව භාරව කටයුතු කරන සියලුම ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලධාරින්ට සහ රටට සෙත් පැතීම වෙනුවෙන් දානමය පින්කමක් 2019.05.24 වන සිකුරාදා දින පළාත් සභා හා පළාත් පාලන අංශයේ දී පවත්වන්නට යෙදුණි.

මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජේ. සී. අලවතුවල මැතිතුමන්, රාජ්‍ය ලේකම්වරුන් ලෙස කටයුතු කරන එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මැතිතුමන්, එස්. ගොඩකන්ද මැතිණිය සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් සහභාගි විය. 

danaya 1   danaya 3JPG   danaya 7JPG
         
danaya 5JPG   danaya 6JPG   danaya 9JPG
         
danaya 14JPG   danaya 15JPG