ක්‍රියාත්මක ව්‍යාපෘති
අවසන් වී ඇති ව්‍යාපෘති
හදිසි ආපදා ප්‍රතිචාර ජාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - අදියර III
ගිනි නිවීමේ ඒකක ස්ථාපිත කිරීමනෙදර්ලන්ත ණය අරමුදල් මත ක්‍රියාත්මක කර අවසන් කර ඇති හදිසි ආපදා ප්‍රතිචාර ජාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර i හා ii යටතේ පළාත් පාලන ආයතන වෙත ලබාදෙන ලද සහායට අමතරව 2016 වසර තුළද මාතලේ මහ නගර සභාව හා වවුනියා නගර සභාව යන පළාත් පාලන ආයතනවලට ගිනිනිවීමේ යන්ත්‍රෝපකරණ ලබාදීමත්, කොළඹ / මාතලේ / යාපනය මහ නගර සභාවලට සහ වවුනියා / අම්පාර නගර සභාවලට ගිලන්රථ ලබාදීමත්, අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් කටයුතු කර ඇත. ගිනි නිවන රථ හා ගිලන් රථ ඛෙදාදීම සංකේතවත් කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඒවායේ යතුරු භාරදීම 2016 ජූලි මස 22 දින ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි මෙම අවස්ථාවට සහභාගී වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, ලේකම් කමල් පද්මසිරි යන මහත්වරු ද මෙහි වෙති.
උතුරු පළාත් මාර්ග සම්බන්ධිත ව්‍යාපෘතිය (Original)
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇ.ඩො. මිලියන 173 ක ණය ආධාරයක්දි වයිනේ උතුරු කොටසේ තෝරාගත් ජාතික හා පළාත් මාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා ලබාදී ඇත . එයින් ඇ.ඩො. මිලියන 24.4ක් පළාත් සංරචකය යටතේ උතුරු පළාතේ පළාත් තෝරාගත් මාර්ග කි.මී. 154 පුනරුත්ථාපනය කිරීම සඳහා සහ උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කෙරේ. ක්‍රියාත්මක කිරීමේ ආයතනඋතුරු පළාතේ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව භෞතික ප්රගතියමෙම ව්‍යාපෘතියේ පළාත් සංරචකය යටතේ උතුරු පළාතේ මාර්ග කොන්ත්‍රාත් 08ක් සහ ගොඩනැගිලි කොන්ත්‍රාත් 01 පිරිනමා ඇති අතර, එයින් මාර්ග කොන්ත්‍රාත් 06 ක් සහ ගොඩනැගිලි කොන්ත්‍රාත්තුවේ වැඩ නිම කර ඇත. ඉතිරි මාර්ග කොන්ත්‍රාත් 02 හි ඉදිකිරීම් සිදුවෙමින් පවතී.
හදිසි ආපදා ප්‍රතිචාර ජාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - අදියර III
ගිනි නිවීමේ ඒකක ස්ථාපිත කිරීමනෙදර්ලන්ත ණය අරමුදල් මත ක්‍රියාත්මක කර අවසන් කර ඇති හදිසි ආපදා ප්‍රතිචාර ජාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර i හා ii යටතේ පළාත් පාලන ආයතන වෙත ලබාදෙන ලද සහායට අමතරව 2016 වසර තුළද මාතලේ මහ නගර සභාව හා වවුනියා නගර සභාව යන පළාත් පාලන ආයතනවලට ගිනිනිවීමේ යන්ත්‍රෝපකරණ ලබාදීමත්, කොළඹ / මාතලේ / යාපනය මහ නගර සභාවලට සහ වවුනියා / අම්පාර නගර සභාවලට ගිලන්රථ ලබාදීමත්, අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් කටයුතු කර ඇත. ගිනි නිවන රථ හා ගිලන් රථ ඛෙදාදීම සංකේතවත් කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඒවායේ යතුරු භාරදීම 2016 ජූලි මස 22 දින ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි මෙම අවස්ථාවට සහභාගී වූ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, ලේකම් කමල් පද්මසිරි යන මහත්වරු ද මෙහි වෙති. උතුරු පළාත් මාර්ග සම්බන්ධිත ව්‍යාපෘතිය (අතිරේක ප්‍රතිපාදන)
මුල් ව්‍යාපෘතියේ සාර්ථකත්වය පදනම්ව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුව විසින් උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතියට අතිරේක මූල්යයයක් ලෙස ඇ.ඩො. මිලියන 68ක ණය ආධාරයක් දිවයිනේ 2016.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය 41 පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය උතුරු කොටසේ තෝරා ගත් ජාතික හා පළාත් මාර්ග පුනරුත්ථාපනය කිරීම සදහා ලබා දී ඇත. එයින් ඇ.ඩො. මිලියන 30 ක් පළාත් සංරචකය යටතේ උතුරු සහ උතුරුමැද පළාත්වල තෝරාගත් පළාත් මාර්ග කි.මී. 125 ක් පුනරුත්ථාපනය කිරීම සදහා සහ උතුරු සහ උතුරුමැද පළාත් මාර්ග ආයතනයන් ශක්තිමත් කිරීම සදහා යොදාගැනීමට කටයුතු කෙරේ. ක්‍රියාත්මක කිරීමේ ආයතනයඋතුරු පළාතේ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව සහ උතුරුමැද පළාතේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය භෞතික ප්රගතියඅතිරේක මූල්‍යනය යටතේ උතුරුමැද පළාතේ මාර්ග කොන්ත්‍රාත් 05ක් ද උතුරු පළාතේ මාර්ග කොන්ත්‍රාත් 04 ක් ද පිරිනමා ඇත. එයින් උතුරු මැද පළාතේ කොන්ත්‍රාත් 05 ම නිමකර ඇති අතර, උතුරු පළාතේ කොන්ත්‍රාත් 02ක් නිම කර ඇත. මෙම නිම කරන ලද කොන්ත්රාත්තුවල අවුරුදු 05 ක කාලයක් සදහා එම මාර්ග නඩත්තු කටයුතු අදාල කොන්ත්‍රාත්කරුවන් විසින්ම ඉදිරියට කරගෙන යාමට නියමිතව ඇත. උතුරු පළාතේ ඉතිරි කොන්ත්‍රාත් 02 හි ඉදිකිරීම් සිදුවෙමින් පවතී.
යාපනය - කිලිනොච්චි ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය
මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිඵලය වන්නේ පළල් කරමින් ප්‍රතිසංස්කරණය කරන ලද ඉරණමඩු ජලාශය හා ඉරණමඩු ජලාශය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද උත්සාන වාරිමාර්ග ක්‍රමය වේ. මේ යටතේ ගොවිපවුල් 10,000කට පමණ ප්රතිලාභ සැලසෙන අතර වගා කළ හැකි ප්‍රමාණය හෙක්ටයාර් 8455කි. තිරුවයිආරු උත්සාන වාරිමාර්ග යෝජනා ක්‍රමය යටතේ හෙක්ටයාර් 447ක් වගා කළ හැකි නමුත් යුදගැටුම් සමයේ සිට එය ක්‍රියාත්මක නොවේ. මේ ව්‍යාපෘතිය මගින් යල කන්නයේ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය අක්කර 4000කින් පමණ වැඩිකිරීමට හැකිවනු ඇති බවට ගණන් බලා ඇත. ද්වීතීයික සෞඛ්‍ය අංශික සංවර්ධන ව්‍යාපෘතිය
ව්‍යාපෘති කාර්යයන් :
උතුරු නැගෙනහිර පළාත් පාලන සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - (NELSIP)
ප්‍රධාන සංරචකයටිතල සේවා සැපයුම පළාත් පාලන ආයතන විසින් පවත්වාගෙන යන හා සපයනු ලබන සේවාවන් ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලෙස වැඩිදියුණු කිරීම වගවීම් ආයතන ගත කිරීම පළාත් පාලන ආයතනවල වගකීම් තහවුරු කිරීම, පොදු ස්ථාන සඳහා සමාජීය හා තාක්ෂණික විගණන පැවැත්වීම, පොදු ව්‍යාපෘති සැලසුම් කිරීම, පසුවිපරම් කිරීම හා අධීක්ෂණය කිරීම. ධාරිතා වර්ධනය ප්‍රාදේශීය සේවා සැපයීම ශක්තිමත් කිරීම හා පළාත් පාලන ආයතන වලට පැවරී ඇති සේවා සැපයීම සඳහා එම ආයතනවල හැකියාව ගොඩනැගීම සහ ඒ සඳහා වූ පළාත් හා ජාතික මට්ටමේ ආයතන වල අධීක්ෂණ ධාරිතාවය ශක්තිමත් කිරීම. ඇගයීම හා තක්සේරුකරණය පළාත් පාලනයට අදාල ඵලදායී ප්‍රතිපත්ති සැකසීම සඳහා හැකියාව වැඩි දියුණු කර ගැනීම අරමුණු කර ගත් විවිධ විශ්ලේෂණ හා උපදේශන ක්‍රියාකාරකම් ව්‍යාපෘති කළමණාකරණය ව්‍යාපෘතියේ සුගම ක්‍රියාකාරීත්වය සඳහා දෛනික කළමණාකරණ කටයුතුවල නිරත රජයේ හා පළාත් ආයතනවලට අවශ්‍ය උපදේශන සේවා සහ උපකරණ මිලදී ගැනීම සඳහා සහය විම
දැනුම් කේන්ද්‍රයේ පදනම ලෙස පාසල් අධ්‍යාපන පද්ධතිය පරිණාමනය කිරීමේ ව්‍යාපෘතිය(TSEP)
අධ්‍යාපනය යනු රටක සංවර්ධනයේ මුලික පදනමයි. රටක ආර්ථීක හා සමාජීය දියුණුව ළ`ගා කරගත හැක්කේ අධ්‍යාපනය මගිනි. එබැවින් මෙම ව්‍යාපෘතිය මගින් පුරවැසියන් උගතුන් ලෙස බලායනය කිරීම ස`දහා පහසුකම් සැපයීම සිදුකරයි. පාසල් පාදක ගුරු සංවර්ධනය, ද්වීභාෂා අධ්‍යාපනය ඉහල නැංවීම, පාසල් සංවර්ධන කමිටු සහ පාසල් කළමණාකරන කමිටු සියලූ පාසල්වල ඇති කිරීම, රටේ අධ්‍යාපනය සංවර්ධන කිරීම සහ අධ්‍යාපනය කළමණාකරණය ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වේ.
ඉරණමඩු වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය
ව්‍යාපෘති ක්‍රියාකාරකම්
|