ප්‍රධාන ගණන් දීමේ නිලධාරී/ගණන් දීමේ නිලධාරීන් වෙත පැවරෙන රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව, ඵලදායීව, අරපිරිමැස්මෙන් භාවිත කර සංවර්ධන ව්‍යාපෘතීන් කලට වේලාවට අවසන්
කිරීමේ වගකීම නිසි පරිදි ඉටු කිරීම සදහා විගණන සහාය ලබාදීම අභ්‍යන්තර විගණනයේ කාර්යභාරය වේ. මෙහිදි මුදල් රෙගුලාසි 133(i) අ (ii) සඳහන් පරිදි "දෙපාර්තමේන්තුවට නියම කෙරුණු හෝ දෙපාර්තමේන්තු විසින් භාර ගන්නා ලද සංවර්ධන ව්‍යාපෘති, සැලසුම් සහ වැඩසටහන් සපුරාලීමෙහිලා ලබා ඇති ප්‍රගතිය නිශ්චය කිරීමට ගණන් දීමේ නිළධාරියාට සහ ප්‍රගති අන්වේශන කමිටුවට සහය වීම"
මේ අනුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශයට පැවරෙන කාර්යභාරය වන්නේ සියලූ අංශ, ව්‍යාපෘති හා අනුබද්ධිත ආයතනවල රාජ්‍ය සම්පත් කාර්යක්ෂමව, ඵලදායීව, අරපිරිමැස්මෙන් භාවිත කර සංවර්ධන ව්‍යාපෘතීන් කලට වේලාවට අවසන් කිරීමේ වගකීම නිසි පරිදි ඉටු කිරීම සදහා විගණන සහාය ලබාදීමය.
2016 ක්‍රියාකාරකම්
- කළමණාකරණ විගණන ඩි එම් ඒ / 2009(1) හා 2009.06.09 දිනැති චක්‍රලේඛයෙහි ඇමුණුම 03 පරිදි අමාත්‍යාංශයේ මුලික වාර්තාව සකස් කර 2016.02.08 දින කළමණාකරණ විගණන දෙපාර්තමේන්තුවට යවා ඇත.
- කළමණාකරණ විගණන ඩිඑම්ඒ/2009(1) හා 2009.06.09 දිනැති චක්‍රලේඛයෙහි 07 පරිච්ඡේදය අනුව
- ඇමුණුම 02 පරිදි අමාත්‍යාංශයේ විගණන සැළැස්ම සකස් කර 2016.01.26 දින ඉදිරිපත් කළ අතර, අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්ම නැවත සංශෝධනය කර සකස් කිරීම නිසා නැවත එම සංශෝධිත ක්‍රියාකාරී සැලැස්ම අනුව අමාත්‍යාංශයේ විගණන සැළැස්ම සකස් කර 2016.05.31 දින ලේකම්තුමාගේ අනුමැතියට ඉදිරිපත් කර කළමණාකරණ විගණන දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.
ඉදිරිපත් කරන ලද විගණන විමසුම් (2016.12.31 දිනට)
විගණනය සිදු කළ ආයතනය | විගණනය සිදු කළ කාලය | විගණන විමසුම් ඉදිරිපත් කළ දිනය |
පළාත් මාර්ග ව්‍යාපෘතිය - ඌව කාර්යාලය | 2015.01.01 - 2015.09.15 | 2016.02.24 |
පළාත් මාර්ග ව්‍යාපෘතිය - සම්බන්ධීකරණ ඒකකය | 2015.01.01 - 2015.10.15 | 2016.03.29 |
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය | 2015.07.01 - 2015.09.30 (3rd quarter) | 2016.05.04 |
පළාත් පාලන ආයතන වැඩිදියුණු කිරීමේ ව්‍යපෘතිය ( පුර නැගුම ) | 2015.01.01 - 2015.12.31 | 2016.05.04 |
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය | 2015.10.01 - 2015.12.31 (4 th quarter) | 2016.07.11 |
උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | 2015.01.01 - 2015.12.31 | 2016.08.31 |
දේශීය ණය සහ සංවර්ධන අරමුදල - 2014 | 2014.01.01 - 2014.12.31 | 2016.09.02 |
දේශීය ණය සහ සංවර්ධන අරමුදල - 2015 | 2015.01.01 - 2015.12.31 | 2016.09.26 |
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය | 2016.01.01 - 2016.06.30 | 2016.12.30 |
- අභ්‍යන්තර චක්‍රලේඛ 01/2017
[PDF - 588 KB] - අභ්‍යන්තර විගණන නියෝග අංක 02/2017
[PDF - 757 KB] - අභ්‍යන්තර චක්‍රලේඛ 03/2017
[PDF - 445 KB] - අභ්‍යන්තර චක්‍රලේඛ 04/2017
[PDF - 530 KB]