අනු අංකය |
ක්‍රියාකාරකම |
ප්‍රගතිය |
1 |
- ඉඩම් අත්පත් කරගැනීම
(පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා)
|
- ඉල්ලීම් 353ක් පරීක්ෂා කර බලා ඉඩම් අමාත්‍යංශය වෙත නිර්දේශ යොමු කර ඇත.
- අඩුපාඩු සහිතව එවා ඇති ඉල්ලිම් 191ක් නැවත අදාළ ප්‍රධාන ලේකම්වරුන් වෙත යොමු කර ඇත. ඉල්ලීම් 27ක් සම්බන්ධව මේ වන තෙක් ප්‍රධාන ලේකම් අඩුපාඩු සකස් කර එවා නොමැති අතර ඒ පිළිබඳව විමසා සිහිකැඳවීම් ලිපි යවා ඇත.
- 1964 අංක 28 දරන ඉඩම් අත්පත් කර ගැනීම් පනතේ 04 වන වගන්තිය ප්‍රකාරව විරෝධතා පරීක්ෂණ පැවැත්වීම සඳහා පළාත් ප්‍රධාන ලේකම්ගේ නිර්දේශ සහිතව නිලධාරීන් 12 දෙනෙකු පත් කර ඇත. ඒ අනුව විරෝධතා පරීක්ෂණ නිලධාරීන් විසින් යොමු කරන ලද විරෝධතා පරීක්ෂණ වාර්තා 11ක් ඉදිරි කටයුතු කිරීම සඳහා ඉඩම් අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.
- ප්‍රධාන ලේකම්ගේ නිර්දේශ සහිතව ඉඩම් අත්කර ගැනීමේ ඉදිරි කටයුතු සඳහා ලිපි 126ක් අදාල නිර්දේශ සහිතව ඉඩම් අමාත්‍යාංශයට යොමු කර ඇත. 2 සහ 4 වගන්ති යටතේ වන දැන්වීම් ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත් කිරීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා ඉඩම් අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.
- 38(අ) අතුරු විධානය යටතේ අත්කර ගැනීමට අදාලව ඉඩම් අමාත්‍යාංශයට නිර්දේශ 08ක් ඉදිරිපත් කර ඇත. ඒ සඳහා ඉඩම් අමාත්‍යාංශය ගැසට් නිවේදන පළ කර ඇත.
|
2 |
|
- 06/2006 චක්‍රලේඛ අනුව සකසා අවසන් කොට ඇති පහත සඳහන් පළාත් සේවා ව්‍යවස්ථා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳ ක්‍රියා කරමින් පවතී.
තාක්ෂණ සේවය ආදායම් පරීක්ෂක සේවය පේෂ කර්ම උපදේශක ආදායම් සේවය කෘෂිකර්ම උපදේශක
- ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් එවන ලද ක්‍රීඩා නිලධාරී,ක්‍රීඩා පුහුණුකරු සහ මූලස්ථාන ක්‍රීඩා නිලධාරී තනතුරුවලට අදාළ බඳවා ගැනීමේ පරිපාටිය සියළුම පළාත් සභා වෙත යොමු කර ඇති අතර ,සබරගමුව, වයඹ සහ දකුණ යන පළාත් වෙතින් සංශෝධන ඉදිරිපත් කර ඇත. සියළු පළාත් වෙතින් විස්තර ලද පසු ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතයි.
- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතුව පත් කරන ලද කමිටුව මඟින් මේ වන විට කමිටු වාර්තාව සකසා ඇත. කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකසා ඉදිරිපත් කර ඇත.
|
3 |
- පළාත් සභා ධූරධාරීන් හා නිලධාරීන් සම්බන්ධ කරගත හැකි තොරතුරු කාර්තුමය වශයෙන් යාවත්කාලීන කිරීම
|
තොරතුරු ඇතුළත් පොත් පිංච සකස් කර අමාත්‍යාංශයේ සියලුම අංශ වෙත ලබා දී ඇත.
|
4 |
- පළාත් සභාවන්ට හා පළාත් පාලන ආයතනයන්ට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ
|
- පළාත් සභාවන්ට අදාල ගැටලු පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශ 09ක් සකස් කර ඇත.
- වෙනත් අමාත්‍යාංශ මඟින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නිරීක්ෂණ 14ක් අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත යොමු කර ඇත.
- අමාත්‍ය මණ්ඩල තීරණ 34ක් පිළිබඳ ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කර ඇත.
|
5 |
|
පාර්ලිමේන්තු ප්‍රශ්න 20ක් සඳහා පිළිතුරු පාර්ලිමේන්තුවට යොමු කර ඇත. |
6 |
- මහජන පෙත්සම්
- පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරකසභාව වෙතින් ලැඛෙන පෙත්සම්
|
- පෙත්සම් 20ක් අවශ්‍ය කටයුතු සඳහා අදාල පළාත් සභා වෙත යොමු කර ඇත.
- මහජන පෙත්සම් කාරක සභාව විසින් එවා ඇති මහජන පෙත්සම්වලට අදාල වාර්තා 16ක් සම්බන්ධව මෙම අමාත්‍යාංශයේ නිර්දේශය මහජන පෙත්සම් කාරක සභාවට යොමු කර ඇත.
|
7 |
- පළාත් සභා සඳහා වාහන මිලදී ගැනීම සහ දීප ව්‍යාප්ත සේවයේ විශ්‍රාමික නිලධාරීන් වෙත තීරු බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම
-
- රා.පරි.ච.ලේ.22/99ට අදාළ නිර්දේශ ලබාදීම
- ජාතික අයවැය චක්‍රලේඛ අංක 1/2016 අනුව පළාත් සභා සඳහා වාහන මිලදී ගැනීම.
- 01 වන උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් හට තීරු බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම.
|
- ලද අයදුම්පත් 40 ක් නිර්දේශ කර වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.
- වියදම් පාලන කමිටුවේ අනුමැතිය සඳහා අයදුම්පත් 15ක් යොමු කර ඇත.
- තීරු බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර 38ක් නිකුත් කර ඇත.
|
8 |
|
-
පළාත් සභා හා පළාත් පාලන ආයතන සඳහා නව තනතුරු ඇති කිරීමට කළමනාකරණ සේවා චක්‍ර ලේඛ 03/2014 පරිදි ලැබී ඇති ඉල්ලීම් 752ක් නිර්දේශ කර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරි කටයුතු සඳහා යොමු කර ඇත.
-
තනතුරු 601ක් අනුමත කර ඇති බව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙතින් අදාළ පළාත් සභා වෙත දැනුම් දී ඇත.
|
9 |
- විදේශීය ස්වේච්ඡා සේවකයින් සඳහා වීසා ලබාදීම / කාලය දීර්ඝ කිරීම
|
- විදේශ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ස්වේච්ඡා සේවකයින්ට වීසා ලබාදීම සඳහා එවා ඇති ඉල්ලීම් 21 ක් එකඟතාවය ලබාගැනීම සඳහා පළාත් වෙත යොමු කර ඇත.
- පළාත් වෙතින් එකඟතාවය ලැබී ඇති වීසා ඉල්ලීම් 14 ක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
|
10 |
- අන්තර් පළාත් විෂය සම්බන්ධීකරණ සමුළුව
|
- පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ අදාළ ආයතනවල නියෝජිතයන්ගේ නියෝජන සහිතව රැස්වීම් වාර 04ක් පවත්වා ඇත.
|
11 |
- පළාත් සභා ධූරධාරීන්ගේ වරප්‍රසාද දීමනා හා පහසුකම්
|
- පළාත් සභා අනුමත ධූරධාරීන්ගේ දීමනා හා වරප්‍රසාද සමරූපී කිරීම සඳහා මෙම අමාත්‍යාංශය විසින් සකස් කරන ලද චක්‍රලේඛ කෙටුම්පතට ජනාධිපති කාර්යාලයෙන් හා මුදල් කොමිෂන් සභාවෙන් නිරීක්ෂණ ලබා ගන්නා ලදී.
|
12 |
- දේශපාලන හේතූන් මත විවිධ ගැටලුවලට මුහුණදුන් අයට සහන සැලසීම
|
- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයෙන් යොමු කරන ලද අභියාචනා 245න් අභියාචනා 200ක් සඳහා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාල ප්‍රගතිය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය වෙත වාර්තා කර ඇත.
|
13 |
|
- අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය, අනෙකුත් අමාත්‍යාංශ, ආයතන සහ මහජනතාව විසින් යොමු කරනු ලැබූ පැමිණිලි 52ක් අවශ්‍ය කටයුතු සදහා අදාළ ආයතන වෙත යොමු කර ඇත.
|
14 |
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත මෙහෙයවනු ලබන ව්‍යාපෘති පළාත් සභා සමඟ සම්බන්ධීකරණය
- වර්ෂාපතනයේ හා දේශගුණයේ පවත්නා වෙනස්කම් තුළ ආහාර නිෂ්පාදනය සැලසුම් කිරීම
- තිරසාර පාසල් සංවර්ධන ජාතික වැඩසටහන
- දරුවන් සුරකිමු ජාතික වැඩසටහන
- ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය
- පරිසර සංරක්ෂණ වැඩසටහන
- ග්‍රාම ශක්ති වැඩසටහන
- වාරිමාර්ග 08ක් සංවර්ධනය කිරීම
|
- ජනාධිපති කාර්යාලයෙන් අදාළ ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලද බවට ලිපිය ලැබීමෙන් අනතුරුව මුදල් රෙගුලාසි අනුව අදාළ වියදම් කර ගෙවීම් කිරීමට බිල්පත් එවන ලෙස අදාල පළාත් වෙත ලිපි යොමු කර ඇති අතර පළාත් වෙතින් ලැබෙන බිල්පත් පරීක්ෂා කර බලා ගෙවීම් කිරීමට කටයුතු කර ඇත.
- වයඹ පළාත් සභාව වෙත රු.16,037,005.62ක්, සබරගමුව පළාත් සභාව වෙත රු. 1,235,520.03ක් සහ දකුණු පළාත් සභාව වෙත රු. 463,725.00ක් ලෙස ගෙවීම් කර ඇත.
- රු.684,410ක මුදලක් මධ්‍යම පළාත් සභාව වෙත ගෙවීම් කර ඇත.
- මධ්‍යම පළාත් සභාව වෙත රු.4,097,365.65ක් සහ නැගෙනහිර පළාත් සභාව වෙත රු.2,999,187.62ක් ගෙවීම් කර ඇත.
- උතුරු පළාත් සභාව වෙත රු.2,500,000ක්, වයඔ පළාත් සභාව වෙත රු. 2,470,000ක් සහ උතුරු මැද පළාත් සභාව වෙත රු. 1,178,750ක් ලෙස ගෙවීම් කර ඇත.
- මධ්‍යම පළාත් සභාව වෙත රු.57,500ක්, වයඔ පළාත් සභාව වෙත රු. 1,900,000ක් සහ බස්නාහිර පළාත් සභාව වෙත රු. 296,465ක් ලෙස ගෙවීම් කර ඇත.
- රු.176,767.50ක මුදලක් වයඔ පළාත් සභාව වෙත ගෙවීම් කර ඇත.
- රු.5,000,000ක මුදලක් වයඔ පළාත් සභාව වෙත ගෙවීම් කර ඇත.
|