"මා මෙම සිදුවීම දෙස බලන්නේ වාර්ගිකත්වය මත පදනම්ව නොව ශ්‍රී ලාංකික දෘෂ්ඨිකෝණයකිනි. මෙම රටේ රණවිරුවන් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කළේ ත්‍රස්තවාදයෙන් රට ගලවාගෙන එක ධජයක් යටතේ සියලු දෙනාම ලාංකිකයන් වශයෙන් එක් සේසත් වීම අරමුණු කරගෙනය. අවාසනාවට මෙන් අපේ සමහර ලාංකිකයින් මෙය අමතක කර සිය වාර්ගිකත්වය සහ ආගම මත පදනම්ව තව දුරටත් ක්‍රියාකිරීමක් දක්නට ලැබේ. අපි කුඩාකළ පටන් හොඳ නොහොඳ පිළිබඳ අධ්‍යාපනය හා අත්දැකීම් තුළින් අවබෝධයන් ලබා ගෙන ඇත. අපට සිය ජාතිය ආගම ගැන නොසිතා මිනිසුන් වශයෙන් යමක හරි වැරදි බව තීන්දු කිරීමට අවශ්‍ය වේනම් අපේ මනස තුළ පැළපදියම්ව ඇති වාර්ගිකත්වය සහ ආගමිකත්වය පිළිබඳ විකෘතිතාවයෙන් අප මිදිය යුතුය. මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා සිදු වූ ඛේදවාචකය වැළැක්වීමට රජයක් හැටියට අපට වගකීමක් තිබුණි. එම වගකීම අප හරියාකාරව ඉෂ්ඨ කළාද යන්න පිළිබඳව අප අපගේ හෘද සාක්ෂියෙන් විමසා බැලිය යුතුය. එහිදී නීතිය ක්ෂණිකව හා විධිමත්ව ක්‍රියාත්මක වූයේ නම් එහිදී සිදුවූ දේපළ සහ ජීවිත හානිය වැළැක්වීමේ හැකියාවක් අපට තිබූ බව මම විශ්වාස කරමි. අපි ලෝකයේ ප්‍රගතිශීලී සම්මුතීන් සහ නීතීවලට අනුකූලව ක්‍රියාත්මක වන බවට එකග වී, වාර්ගික වෛරය මතම පදනම් වූ ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා අවශ්‍ය කෙරෙන නීති සම්පාදනය කර ඇත්තෙමු. නිදසුනක් ලෙස 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත පෙන්වා දිය හැක. එය විධිමත්ව රට තුල ක්‍රියාත්මක කිරීම අප සතු වගකීමකි. එබැවින් මෙම නීති උල්ලංඝනය කරන්නන් හට ලබාදිය හැකි උපරිම දඩුවම් ලබා දියයුතු බව මම විශ්වාස කරමි.
 
එමෙන්ම මෙම සිදුවීම් මාලාව සම්බන්ධව ස්වාධීන ජනාධිපති කොමිෂමක් පත් කර, මෙම ඛේදවාචකයන්ට වගකිව යුතු පුද්ගලයින් සහ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ සියලු බලධාරින්ට එරෙහි දැඩි පියවරක් ගැනීමේ ක්‍රියාදාමයකටය අප අනිවාර්යෙන්ම යොමු වීම අවශ්‍ය වන්නාක් මෙන්ම දේපළ සහ සිදු වූ ජීවිත හානි සඳහා සියලු දෙනාටම වන්දි ලබාදීමේ ක්‍රියාදාමයකට ක්ෂණිකවම  රජය යොමු විය යුතුය.

එසේම මෙවන් ක්‍රියාදාමයන් වැළැක්වීමට විශේෂ ක්‍රියාමාර්ගයක් රටට අවශ්‍ය බවද මා දකිමි. මෙම අවාසනාවන්ත සිදුවීමේදී පටු දේශපාලන වාසි තකා ජනතාව සංවිධානාත්මකව පෙළඹවීමක් අපි දුටුවෙමු. එළෙස පෙළඹවූ ජනතාව හරහා වාර්ගිකත්වය, ආගම, ක්‍රෝධය සහ ‍වෛරය මත පදනම් වූ දේශපාලන වේදිකාවක් ගොඩනගා ගැනීමට දරණ ලද උත්සාහයක්ද මේ පිටුපස දක්නට විය. මෙරට ස්ථාවරභාවය නැතිකිරීමටත් ජාත්‍යන්තර ප්‍රතිරූපය විනාශ කිරීමටත් ඔවුන් දරණ ලද උත්සාහය අප හෙළා දකිමු. තමන්ගේ පටු දේශපාලන වාසි තකා, අප මාතෘභූමිය බිල්ලට නොදෙන ලෙස  ඒ අයගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි.

මම සැම විටම දේශපාලනයේ නිරත වනුයේ “ශ්‍රී ලාංකිකයකුය“ යන දෘෂ්ඨිකෝණයෙන් පමණක් බව නැවත වරක් සිහිපත් කරමි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාතික ඒකාග්‍රතාවය සහ සහජීවනය මත පදනම් වු රටක් බිහිකිරිමට අන්‍යොන්‍ය විශ්වාසය හා එකිනෙකාට ගරු කිරීම අපේ රටට බෙහෙවින් වැදගත් බව අප සියලු දෙනා තවදුරටත් ප්‍රමාද නොවී වටහාගත යුතු අමිහිරි යථාර්ථය බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි."

  DSC 0014 1 DSC 0322 DSC 0305 2

කොළඹ පිටකොටුව මල්වත්ත පාරේ ඉදිකර ඇති පදික වෙළඳුන් සඳහා වූ වෙළදසැල් වල නවීකරණ කටයුත්තක් බව පවසමින් ඔවුන්ට ඉවත්වන ලෙස කොළඹ මහ නගර සභාවේ කොමසාරිස්තුමාගේ දැනුම් දීම මත කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් පැමිණ සිදුකල හිරිහැර නැවැත්වීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා මැදිහත් විය.

DSC 0661 DSC 0662 DSC 0671
DSC 0684 DSC 0696 DSC 0698

 

 

Ceremony for awarding Credentials and Ashta Pariskara to the new Western Province Sangha Nayaka of the Mathara Chapter of the Amarapura Sri Saddhammayuththika Nikaya, Sastrapathi Venerable Baragala Wimalathissa Nayake Thero by Karu Jayasooriya, Speaker of the Parliament and Faiszer Musthapha, Minister of Provincial Councils & Local Government at the “Mihilak Madura”, BMICH.

DSC 0555 DSC 0591
DSC 0586 DSC 0553

පළාත් පාලන මැතිවරණයේදී 25% ක කාන්තා නියෝජනය සම්බන්දයෙන් සාකච්චාවක් අද දින (27 වැනිදා) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා හා කාන්තා සංවිධාන 44 ක නියෝජිතයින් අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දී පැවත් වීය.

 එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් සභිකයින් බෙදා වෙන්කිරීමේදී 2017 අංක 16 දරන පනත අනුව 25% ක කාන්තා නියෝජනයක් සියලුම පළාත පාලන ආයතනවල සහතික විය යුතු නිසා මේ රටේ නීතිය කිසිම ආයතනයකට හෝ කිසිම පුත්ගලයෙකුට වෙනස් කල නොහැකි බවත්ය.

ඒ නිසා පනතේ විදිවිධාන අනුව 25% ක කාන්තා නියෝජනය රැකීමට මැතිවරණ කොමිෂන් සභාව බැදී සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පැමිණ සිටි කාන්තා සංවිධාන නියෝජිතයින් අමතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ 25%ක කාන්ත නියෝජනය බලාපොරොත්තුවෙන් බවත් එම නෛතික ප්‍රතිපාදනය අනුගමනය කිරීමට රජය සහ මැතිවරණ කොමිෂන් සභාව බැදී සිටින බවත්ය.

කාන්තා නියෝජනය අනිවාර්යෙන්ම රැකියා යුතු බවත් ඒ සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් ලිඛිතව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බවත් එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

නමුත් ප්‍රයෝගික වශයෙන් යම් යම් ගැටළු පවතින, එනම් 20% කට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් පක්ෂ රාශියක් ඇතිවිට හා සභිකයන් 3කට වඩා අඩුවෙන් තේරී පත් වූ විට මෙම නීතිය ක්‍රියාත්මක නොකර ඉතිරි සියලුම පළාත් පාලන ආයතන සඳහා එනම් අවම වශයෙන් පළාත් පාලන ආයතන 300 ක් පමණ ප්‍රමාණයකට මෙම නීනිය ක්‍රියාත්මක කල යුතු බව අමාත්‍යවරයා පැවසීය.

අද තමා කාන්තා සංවිදාන හමුවුයේ ඔවුන් නියෝජනය කරන කාන්තා ප්‍රජාවගේ සහිනය බොඳ කිරීමට තමන් කිසිසේත් සූදානම් නොවන බවත් ඔවුන්ට රජයක් වශයෙන් ලබාදුන් පොරොන්දුව ඉෂ්ට කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය බැදී සිටින බවත් ප්‍රකාශ කිරීමට යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම සාකච්චාව සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් S.D.A.B බොරලැස්ස මහතා, අමාත්‍යාංශයේ  නීති නිලධාරී ගයනි ප්‍රේමතිලක මහත්මිය සහ කාන්තා සංවිධාන 44 ක නියෝජිතයින් ද සහභාගී වීය.

DSC 0568 DSC 0603
DSC 0620 DSC 0599

2018 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ වීම සහ මැතිවරණයෙන් තේරී පත්වූ අපේක්ෂකයින් සම්බන්ධ නීතිමය තත්ත්වය පහත පරිදි වේ.

2016 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 65ආ වගන්තිය සහ 66වගන්තිය දක්වන පරිදි පළාත් පාලන ආයතනයේ සභිකයන් වශයෙන් තෝරා පත්කර ගනු ලැබූ සහ තෝරා යවනු ලබන අපේක්ෂකයන්ගේ නම් නිශ්චිතව සඳහන් කරනු ලබන දැන්වීමක් පලකල යුතු අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් එකී නම්, වහාම ගැසට් පත්‍රයේ පල කල යුතුය.

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය ආරම්භ වීම.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පල කරනු ලබන නියමයක් මගින් පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය 2018.03.06 වන දින සිට ආරම්භ විය යුතු බවට නියම කර ඇත. ඉහත වගන්තීන් යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් තෝරා පත්කර ගනු ලැබූ සභිකයින් පිළිබඳව ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කරන ගැසට් නිවේදනයක් මඟින් 2018.03.06 වන දින සිට ඒ ඒ සභාවල සභිකයින්ගේ ධුර කාලය ආරම්භ වන බව නිවේදනය කරනු ලැබේ.

සභාපතිවරයා/නගරාධිපතිවරයා පත් කිරීම‍

මෙහිදී යම් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් විසින් යම් පළාත් පාලන ආයතන ආසන සංඛාවෙන් 50% ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබා ගෙන ඇති අවස්ථාවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් අදාල දේශපාලන පක්ෂයේ ලේකම්වරයාගෙන් හෝ ස්වාධින කණ්ඩායමේ නායකයාගෙන් එම පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ තේරී පත්වූ සභිකයන් අතරින් සභාපති/ උප සභාපති, නගරාධිපති / නියෝජ්‍ය නගරාධිපති නිශ්චය කරන ලෙස ඉල්ලා සිටිය යුතුය.

යම්කිසි පළාත් පාලන ආයතනයක සමස්ථ ආසන සංඛ්‍යාවෙන් 50%කට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබා ගැනීමට අසමත්ව ඇති අවස්ථාවකදී එම පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීමේදී නගරාධිපතිවරයා හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයා සභිකයන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගත යුතුය.මෙම රැස්වීමෙහි මුලසුන පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා විසින් දැරිය යුතුය.

සභාපති/නගරාධිපතිපත්කරගැනීමේ ක්‍රමවේදය.

01.  පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මුලසුන දරන රැස්වීමේදී සභිකයින්ට ඡන්දයෙන් සභාපතිවරයා තෝරාපත්කර ගැනීමේ බලය හිමි වේ.

02.  මෙහිදි ඡන්දයෙහි ස්භාවය (රහස් ඡන්දයක්ද/ විවෘත ඡන්දයක්ද යන්න) සභිකයින් තීරණය කල යුතුය.

සභිකයන් මුළු සංඛ්‍යාව නොසිටීම

තවද නියමිත සම්පූර්ණ සභික සංඛ්‍යාව යථා පරිදි  තෝරා පත් කර ගෙන නොමැති අවස්ථාවකදී වුවද, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් සභාවක ධූර කාලය ආරම්භ කරනු ලබන බවට ප්‍රකාශ කරනු ලබන දිනක සිට, සභාව සංස්ථාපනය කරනු ලැබීමට හැකිවනු පිණිස පළාත් පාලන ආයතන ප්‍රධාන අණපනත් වල නෛතිකමය ප්‍රතිපාදන සැලසී ඇති බැවින් මැතිවරණ කොමසාරිස් විසින් තෝරා ගත් සභිකයින් පිළිබඳව ප්‍රසිද්ධියට පත් කිරීමත් සමගම සභාවල ධුර කාලය ආරම්භ වීමට බාධාවක් නොමැත.

පක්ෂ මාරු කිරීමට ඇති ඉඩකඩ නොමැති වීම

පළාත්  පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 වන අ වගන්තිය පරිදි කිසියම් පක්ෂ ලේකම්වරයෙකු විසින් තම පක්ෂයෙන් තේරී පත් වී ඇති සභිකයෙකු පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම  අවසන්ව ඇති බව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා වෙත දැන්වීමෙන් අනතුරුව දිස්ත්‍රික් ජන්ද විමසීම් නිලධාරියා ඒ බවට සෑහීමට පත්වන අවස්ථාවකදී ඒ තැනැත්තා සිය සභික ධුරය අවසන්කර ඇති බවට ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඇත.එබැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ මෙම ප්‍රතිපාදනය පක්ෂ මාරු වීම් නවතා දැමීමට ප්‍රතිපාදන සලසයි .

කාන්තා නියෝජනය

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය පිළිබඳව මේ වන විට විවිධ තොරතුරු සාකච්ඡාවන අතර,  ඒ පිලිබඳව අමාත්‍යාංශයේ ස්ථාවරය පහත පරිදි වේ.

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත සහ එහි මෙතෙක් සිදු කරන ලද සංශෝධන පදනම් කරගෙන පවත්වන ලද ඡන්ද විමසීමක් වන බැවින් එකී නීතිය යටතේ ඒ ඒ පළාත් පාලන ආයතන වෙත තේරී පත් වීමේ නෛතිකමය අපේක්ෂාවක් සහිතව අපේක්ෂකයින්ගේ නාම යෝජනා ඉදිරිපත් කර ඇත.

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වන සේ එකී පනතෙහි සංශෝධන අතීතයට බලපාන පරිදි සිදු කිරීමට නෛතිකමය බාධාවක් පැනනගින බැවින් සභිකයන් තෝරා පත්කර ගැනීම සහ තෝරා යැවීමට අදාළව යම් ප්‍රායෝගික ගැටළු උද්ගත වේ නම් මින් ඉදිරියට පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒවා නිවැරදි කර ගැනීමේ හැකියාවක් මිස පැවති ඡන්දය සඳහා අදාළ වන සේ එකී සංශෝධන සිදු කළ නොහැකි බව අමාත්‍යාංශය නිරීක්ෂණය කර ඇත.

මෙකී කරුණු සැලකිල්ලට ගෙන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව දැනට පවත්නා නීතිය අදාළ කර ගැනීම සුදුසු බව වැඩිදුරටත් නිරීක්ෂණය වී ඇත.

මේ සම්බන්ධව ගරු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පවත්වන ලද පක්ෂ නායක රැස්වීමේ ගනු ලැබූ තීරණයක් පරිදි පවත්නා නීතිය එලෙසම ක්‍රියාත්මක කිරීමටත් එහිදි යම් ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වී ඇත්නම් සහ අනාගතයේදී ඒ පිළිබඳව අධිකරණය විසින් යම් තීරණයක් ගනු ලැබුවහොත් එකී තීරණ මත ඉදිරි පියවර ගැනීම සුදුසුබවටත් සාකච්ඡා වූ අතර ඒ අනුව, ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා ලෙස අමාත්‍යාංශයට සහ මැතිවරණ කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දී ඇත.