මිරිස්ස “අනවසර ඉදිකිරීම්” ලෙස දක්නා ගොඩනැගිලි ඉවත් කිරීමට පියවර ගැනීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගත යුතු අතර, මධ්‍යස්ථ විසඳුමක් සොයා ගැනීමේ ප්‍රයත්නය කෙරෙහි සාකච්ඡා  මාර්ගයකට පිවිසිය යුතු බව, පළාත් සභා සහ  පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා පවසයි.

පසුගිය දා මිරිස්ස ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියට අදාලව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“රටක් වශයෙන්, අප බොහෝ කාලයක් තිස්සේ විවිධ අභියෝග සමඟ අරගලයක යෙදී සිටින අතරම මෙවැනි ගැටලුවක් සඳහා සරල විසඳුම් නොමැත. මෙරට වගකිව යුතු මහජන නියෝජිතයෙකු මෙන්ම ජනතාවට සේවය කිරීමට දිවුරා පොරොන්දු වූ අමාත්‍යවරයෙකු වශයෙන්, යම් දිනක ඔවුන්ගේ වේදනා මා හට නොදැනෙන්නේ නම්, මේ රටට සේවය කිරීම සඳහා එදින සිට මම නුසුදුස්සෙක් වෙමි.

ඒ හා සමඟම, රටක සංවර්ධනය සඳහා වන වඩාත් පුළුල් අවශ්‍යතා අතර සහ අවසානයේදී අපගේ සේවය හිමි විය යුතු මිනිසුන්ගේ ජීවිකාව, ආරක්ෂාව සහ සතුට සඳහා ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් අතර තුලනයක් ඇති කිරීමටත්, මේ රටෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්,  පනවනු ලබන නීතිවලටත් ගරු බුහුමන් කිරීමටත් මම බැඳී සිටිමි. මා නීතීඥවරයෙකු ලෙස, අධිකරණය තුළදීද මෙම උභතෝකෝටික ගැටලුව සමඟ පොර බදමින් පැය ගණන් ගත කර ඇති අතර, මෙවැනි සමාජ ගැටලුවක් සඳහා නීති පාඨයන් තුළින් පමණක්ම සරල විසඳුම් සොයා ගැනීමට නොහැකි බව මම අවබෝධ කර ගතිමි.

මෙම ගැටලුව අහිංසක මිනිසුන්ගේ හදවතට කෙළින්ම කා වදින්නකි. “අනවසර ඉදි කිරීම්” තිබිය නොහැකි අතර, රජයේ සැලසුම් හා පුළුල් ප්‍රතිපත්තිවලට ඒවා අනර්ථකාරී බව නීතියෙන් පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකි බව සියලු දෙනා දන්නා කරුණකි. මේ තත්ත්වය ගත් විට, දැනට අවදානමට ලක්ව ඇත්තේ අපගේ වෙරළ සංරක්ෂණයයි. රජයක් ලෙස, අපගේ පරිසරයේ සුරක්ෂිත බව සහතික කිරීම සඳහා අප විසින් වගකිව යුතු බවට කිසිදු සැකයක් නැත. කෙසේ වුවද, එම ව්‍යායාමයේදී අපට මනුෂ්‍යත්වය පිළිබඳ පැතිකඩ ද අමතක කළ නොහැකිය. එනම්, මූලික වශයෙන්ම, අප රජය තුළ සිටීමේ පුළුල් අරමුණු කුමක්ද යන වග. ඒ වනාහි, යම් හානියකට ලක් වීමේ අවදානමට මුහුණ දෙන යම් ජන කොටසකගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජයට ඇති වගකීමයි. මෙම අවදානම නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අදාළ ජනතාව පීඩාවට පත් වීමක් වන්නේ නම්, එයද තේරුම් ගැනීමට රජයක් ලෙස අපට  පැහැර හැරිය නොහැක.

මිරිස්ස ප්‍රදේශයේ දිළිඳු ජනතාවට එක්වරම ස්වකීය ජීවිකාව අහිමි නොකරන බවට වගබලා ගන්නා බවට මා ප්‍රකාශ කිරීම තුළින් කිසිදු අවස්ථාවක මම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති පද්ධතිය අවතක්සේරු කිරීමට හෝ පැහැර හැරිමට කිසි විටෙකත් කටයුතු නොකෙළෙමි. නමුත්, අදාළ නීතීන් එමඟින් බලපෑමට ලක් වෙන ජනතාවගේ සාමාජීය යථාර්ථයන් සැලකිල්ලට ගනිමින් ස්වකීය ශිෂ්ට සම්පන්න, සාධාරණ හා සංවේදී ආකාරයට ක්‍රියාත්මක විය යුතු බවට වගබලා ගැනීමට මම සෑම උත්සාහයක්ම දරණ බවට සහතික වෙමි. ඒ හේතුව නිසාම ප්‍රථම පියවරක් ලෙස  “අනවසර ඉදිකිරීම්” ලෙස දක්නා ගොඩනැගිලි ඉවත් කිරීමට පියවර ගැනීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගත යුතු අතර, මධ්‍යස්ථ විසඳුමක් සොයා ගැනීමේ ප්‍රයත්නය කෙරෙහි සාකච්ඡා  මාර්ගයකට පිවිසිය යුතු වන්නේය.” යනුවෙන් ද තවදුරටත් පැවසීය.

 

As a country, we have been struggling with many challenges for a very long time and there is no simple solution for an issue like this. As a responsible representative of the people of this country, a Minister pledged to serve the public, the day I cannot feel their pain I am not fit to serve this country. At the same time, I am duty bound to honour and respect the Constitution of this country and the laws that ultimately sets that balance between the larger needs of developing a country whilst safeguarding the rights, and by that I mean livelihood, security and happiness, of the people who we ultimately serve. As a lawyer, I have spent many hours in the Court room trying to grapple with that exact dilemma and realize that there are no readymade solutions and that no social issue is as simple as it appears in the legal texts.

The issue here is clearly one that goes to the heart of the poor people. It is undeniably one that is clearly spelt out in law as we all know that “unauthorized constructions” cannot stand and are detrimental to government planning and broader policies. In this instance, it is conservation of our beaches that are at stake. As a government, we are undoubtedly responsible to ensure that our environment is preserved. However, in that endeavour we cannot forget the humane aspect. The broader objectives of why we are in government in the first place. To look after the rights of the people, especially those who are vulnerable – even if that vulnerability is created due to the operation of the law. When I said that I will step in to ensure that the poor people of Mirissa are not suddenly left without their livelihood, that is not to say that I will in any way subvert the Constitution and laws of this country, but I will do my best to ensure that the laws are applied in a decent, reasonable and sensitive way by balancing the contextual realities of the poor people who are affected by those laws. That is why, the first step is to temporarily put a stop to any immediate action to demolish the buildings and to start discussions to find a solution to reach a middle ground.

මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති ව්‍යාපාර ස්ථාන අනවසර යැයි පවසමින් අත්තනෝමතික ලෙස කඩා ඉවත් කිරීමට සැරසීම ගැන තමන් විරුද්ධ වන බව ගරු පළාත් සභා සහ පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා ප්‍රකාශ කරයි.

පසුගිය සිකුරාදා මාධ්‍ය අමතමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධක්ෂ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, ප්‍රකාශ කර සිටියේ එළැඹෙන මැයි මස 1 වන දා සිට මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති අනවසර ව්‍යාපාර ස්ථාන ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකරන බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන  හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා කියා සිටින්නේ වෙරළ තීරයේ ඇති යම් කිසි ඉදිකිරීමක් අනවසරනම් එය ඉවත් කළයුතු බවත් වෙනත් අරමුණු වෙනුවෙන් මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ව්‍යාපාර පවත්වාගෙන යන කුඩා ව්‍යාපාරිකයන්ගේ බඩට ගැසීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි.

මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති ව්‍යාපාරික ස්ථාන කේන්ද්‍ර කරගෙන එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය අද වනවිට දියුණු තත්ත්වයක පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ අශ්‍රිතව විශාල ජන කොට්ඨාශයක් රැකියාවල නිරතවන බවත් එම ව්‍යාපාර ඉවත් කළහොත් ඔවුන්ට රැකියා අවස්ථා අහිමි වන බවත් පැවසීය.

රජයක් හැටියට පොඩි මිනිසුන්ගේ බඩට ගැසීම යහපාලන රජයේ ප්‍රතිපත්තිය නොවන නිසා, මේ සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තෙන් ද කරුණු සොයා බලා අදාළ තීන්දු ගන්නා ලෙස අදාල බලධාරීන් දනුවන් කරන බවද අමාත්‍ය වරයා පැවසීය.

New United Arab Emirates Ambassador Sheikh Ahmed Ali AlMualla met yesterday (23rd April 2018) with Minister of Provincial Councils and Local Government and Sports Faiszer Musthapha at the Ministry of Provincial Councils and Local Government.

DSC 0546 DSC 0556 DSC 0554

ගරු පළාත් සභා සහ පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින (2018 අප්‍රේල් 19) ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ගොස් නව අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කළ අතර එහිදී  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ පදක්කම් 6 ක් ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩීකාවන් ඇගයීමේ හමුවක් පවත්වන ලදී.

එහීදී කතා කළ අමාත්‍යවරයා “මා මේ දරන්නේ තාවකාලික ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩ බැලීමේ ධූරය බවත් රාජකාරී භාර ගැනීමේ උත්සවයක් නොපවත්වා පදක්කම් ලබා ගත් ක්‍රීඩකයින් ඇගයීමක් පැවැත්විය යුතු බව මා තීරණය කළා.

රජයක් හැටියට රටට කීර්තියක් ගෙන ආ මේ උදවිය පිළිගැනීම හා ඇගයීම අපේ යුතුකමයි. අවුරුදු 30 ක් ත්‍රස්තවාදයෙන් බැට කෑ අප වැනි ජාතියක් සහෝදරත්වයෙන් බැඳ තබා ගැනීමට ක්‍රීඩාව මහත් සේ උපකාරී වනවා. අපට භාෂා ප්‍රශ්න තියෙනවා සංස්කෘතික ප්‍රශ්න තියෙනවා නමුත් අපි ක්‍රීඩාවේ යෙදෙන විට ඒ සියල්ල මඟහැර ගැනීමට හැකි වෙනවා.

නමුත් අපි දන්නවා විවිධ වූ ක්‍රීඩා සංගම් අතර යම් යම් ප්‍රශ්න තියෙනවා අපිට හැකියාව තිබිය යුතුයි එම ප්‍රශ්න මඟ හැරගෙන ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරිමට. එයින් අපට හැකි වෙනවා තව තවත් ක්‍රීඩා ජයග්‍රහණ වලට යාමට. අපි දන්නවා මීට ප්‍රථම අවුරුදු වලදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වල එකදු පදක්කමක් වත් දීනා ගැනීමට නොහැකි වූ අවස්ථා. නමුත් මෑත කාලයේ මේ අමාත්‍යාංශයට ගරු හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ නායකත්වයෙන් අද වන විට ජයග්‍රහණ රැසක් හිමිව තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා එතුමා මෙම අමාත්‍යාංශයට දුන් නායකත්වය තවත් කාර්යක්ෂම ලෙස ඉදිරියට ගෙන යාමට අපට හැකියාව තිබෙන බව.

මේ අමාත්‍යාංශය රටේ වැදගත්ම අමාත්‍යාංශයක් හැටියට අපි දකිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වනවා තව තවත් ජත්‍යාන්තර ක්‍රීඩා ජයග්‍රහණ මෙම අමාත්‍යාංශය තුලින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට.

අපි දන්නවා මෙම අවස්ථාවට සහභාගී වී සිටින සුසන්තිකා ජයසිංහ මැතිණිය මේ තත්ත්වයට එන්න කොපමණ කැපකිරීම් කලාද කියලා. එතුමිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට හොඳ ආදර්ශයක්. ඇය ඉතා කටුක ගමනක් ආපු එක්තරා අවස්ථාවකදී ශ්‍රී ලංකාව එක්තරා පැලැන්තියකට සීමා වූ නමුත් අද ඕනෑම ගමේ කෙනෙකුටත් ක්‍රීඩාවේ ඉහළ තැන් වලට යාමට සම අවස්ථාව ලබා දී තියෙනවා. මේ අවස්ථාව වඩා ශක්තිමත් කිරිමට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායක්තවය පසුගිය කාලය තුලදී ගරු දයාසිරි ජයසේකර මැතිතුමාට හැකියාව ලැබුණා.

අද ක්‍රීඩාව රැකියාවක් බවට පත්වීම නිසා යම් යම් ගැටළු සහගත තත්ත්වයන් ද ඇති වී තියෙනවා. අපි දන්නවා අපේ ක්‍රිකට් කණ්ඩායමට මැච් 1 ක් පැරදුනු විට ක්‍රිකට් බලධාරින්ගේ, පුහුණුකරුවන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේත් යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු වන බව.

අද ඔබ ලබා ගත් මෙම ජයග්‍රහණය අපේ රටට විශාල ආඩම්බරයක් හෙයින් ඉදිරියේදී අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඔබ ඇගයීමේ විශේෂ උළෙලක් අප පවත්වනවා.

සමහර මාධ්‍ය වාර්තා කර තිබුණා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ පදක්කම් ලාභීන්ට නිසි සැලකිල්ලක් මෙම අමාත්‍යාංශයෙන් නොලැබෙනු ඇතැයි කියා. නමුත් මා පොරොන්දු වෙනවා අමාත්‍යාංශයක් හා රජයක් හැටියට ඔබට නිසි වටිනාකම ලබා දෙන බවත් ඉදිරියේදී ආසීයාතකි හා ඔලිමිපික් පදක්කම් ලබා ගැනීමට අවශ්‍ය සියලූම ශක්තිය ලබා දීමට කටයුතු කරන බවත්  මා මෙහීදී වගකීමෙන් යුතුව පොරොන්දු වෙනවා.”

මෙහීදී සභාව ඇමතූ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා කියා සිටියේ එතුමා ගත් හදිසි තීරණයත් සමඟ මෙම අමාත්‍යාංශයෙන් සමු ගැනීමට අවස්ථාවක් නොතිබුණත් මෙම ක්‍රීඩකයින් ඇගයීමේ උත්සවයට ගරු අමාත්‍ය ෆයිසර් මුස්තපා මැතිතුමාගේ ආරාධනය තුලින්  මෙම උත්සවය සමුගැනීමේ අවස්ථාවක් බවට පත් කර ගැනීමට හැකි වු බවයි.

එහීදී වැඩිදුරටත් කතා කල හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කලේ අවුරුදු 80 කට පසුව වැඩිම පදක්කම් සංඛ්‍යාවත් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලකදී ලබා ගැනීමට හැකි වීම ගැන තමන් සතුටු වන බවයි.

“ මා මෙය අවස්ථාවක් කර ගන්නවා රට වෙනුවෙන් ඔබ ගත් මෙම ජයග්‍රහණයට විශේෂයෙන් ක්‍රීඩා සංගම්, පුහුණුකරුවන්ට හා ක්‍රීඩකයින්ට මෙන්ම අමාත්‍යාංශ නිලධාරින්ට හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ස්තූතිය පුද කරන්න.

අපි පසුගිය අවුරුදු 3 ක කාලය තුල මේ ආකාරයට ක්‍රීඩාව සංවර්ධනය කිරීමට තීන්දු තීරණ රාශියක් ගත්තා. තාක්ෂණික පැත්තෙන් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට අපි ගොඩක් කටයුතු කලා. එය වඩාත් විධිමත් අයුරින් සිදු කිරීම නව ක්‍රීඩා අමාත්‍යවරයාතේ කාර්යභාර්ය වනවා.

පසුගිය අවුරුද් 10 ක පමණ කාලයක් නිල වරණ නොතබපු ක්‍රීඩා සංගම් රාශියක නිල වරණ පැවැත් වීමට අපට හැකියාව ලැබුණා.

තව අපිට ක්‍රීඩාවේ නව රේගුලාසි හා ක්‍රීඩා පනත ගෙන ඒමට තිබෙනවා. මා විශ්වාස කරනවා නව ක්‍රීඩා අමාත්‍යවරයා දක්ෂ නීතිඥයෙක් හා ව්‍යවස්ථා සම්පාදකයෙක් වන නිසා එම කාර්ය හොඳන් ඉටු කරයි කියලා. එතුමා හොඳින් සවන් දෙන, තමන් භාර ගන්නා ඔනෑම අමාත්‍යාංශයක් හොඳින් පරිපාලනය කල හැකි අමාත්‍යවරයෙක් වන නිසා එතුමා සමඟ විශාල වැඩ කොටසක් සිදු කිරීමට තමුන්නාසේලාට හැකියාව ලැබෙනවා. මමත් එතුමාට සහෝදරයෙක් මෙන් ලඟින් හිදිමින් අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනවා.”

11 18